කොළඹ විශ්ව විද්‍යාලයේ ගෞරවාන්විතම තනතුර වන කුලපති ධුරයට පසුගිය වකවානුව තුළ දේශපාලනික පත්කිරීමත් වශයෙන් පත්කළ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සම්බන්ධව කලක පටන් කොළඹ විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය ප්‍රජාවගේත්, සමස්ත සමාජයේත් දැඩි අප්‍රසාදයක් ප්‍රකාශ වු බව කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සදහන් කරනවා.
කොළඹ විශ්ව විද්‍යාලයීය කුලපති ධූරයට තෝරා පත් කරගත් තුලපතිවරුන් එම භුමිකාවට ගැළපෙන සුදුසුතම සහ මනා පරිචයකින් යුක්ත වූවත් මෙම මුරුත්තෙට්ටුවේ හිමිගේ පත් කිරීම හුදෙක් එවකට රාජ්‍ය නායකයා ස්වකීය මැතිවරණ ව්‍යාපාරයට සහාය දැක්වීම වැනි පටු කාරණා පදනම් කරගෙන සිදු කිරීමක් බව කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය පැවසුවා.
එනිසා දේශපාලනය හැර වෙන කිසිම දෙයක් නොකළ, ඒ නිසාම දේශපාලන පත්වීමක් ලෙස කුලපති ධූරය ලද මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගෙන් එම තනතුර ඉවත් කරන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා තිබෙනවා.
කොළඹ විශ්ව විද්‍යාලයේ කුලපති තනතුර ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විසින් පත් කරනු ලබන නාම මාත්‍රික තනතුරක් වුවද විශ්ව විද්‍යාලයක කුලපති ධූරය යනු එකී විශ්ව විද්‍යාලයේ ගෞරවය කීර්තිය ප්‍රකාශ වන සංකේතයක් බවද කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය සදහන් කරනවා.
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කුලපති ධූරයට පත් කිරීම කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ප්‍රජාවගේත් සමස්ථ සමාජයේත් දැඩි අප්‍රසාදයට පත් වී ඇති කරුණක් බැවින් ජනාධිපතිවරයාට ඇති විධායක බලය හරහා මෙම කුලපතිවරයා ධූරයෙන් ඉවත් කර වෙනත් කුලපතිවරයෙක් පත් කිරීමට පියවර ගන්නා ලෙස කොළඹ විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය ඉල්ලීමක් කරනවා.




