කැලණි ගඟේ පෝෂක ප්‍රදේශවල ඇදහැලුණු හදිසි වර්ෂාව හේතුවෙන් ඉදිරි පැය 48 තුළ සීතාවක, දොම්පේ, හෝමාගම, කඩුවෙල, බියගම, කොළොන්නාව, කොළඹ සහ වත්තල ප්‍රදේශවලට ගංවතුර තර්ජනයක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
කැලණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ මෙම ප්‍රදේශවල පහත් බිම්වල පදිංචිකරුවන් විශේෂයෙන්ම අවධානයෙන් සිටිය යුතු බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.
ගංවතුර තත්ත්වයක් ඇති වුවහොත් ආරක්ෂිත ස්ථානයකට යාමට අවශ්‍ය සූදානමකින් සිටින ලෙස ද එම නිවේදනයේ දැක්වෙනවා.




