spot_img
spot_img

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ප්‍රතිපත්ති අනුපාතිකය 8%ක් ලෙස පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (26) පැවති රැස්වීමේ දී තීරණය කර තිබුණා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය අද (27) සිට බලපැවැත්වෙන පරිදි දැනට ක්‍රියාත්මක ද්විත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදය වෙනුවට තනි ප්‍රතිපත්ති පොලී අනුපාතික ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට තීරණය කර තිබුණා.

මෙය මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන නම්‍යශීලී උද්ධමන ඉලක්කකරණ රාමුව තුළ සිදු කළ තවත් වැදගත් වැඩිදියුණු කිරීමක්.

ඒ අනුව, මහ බැංකුව සිය මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනුම්දීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා භාවිත කරන ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති උපකරණය ලෙස එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය (Overnight Policy Rate: OPR) හඳුන්වා දෙනු ලැබුවා.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ වෙනස්කම් ආර්ථිකයේ පාර්ශ්වකරුවන් වෙත සන්නිවේදනය කිරීම සඳහා එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය නියමිත කාලසීමාවේදී සමාලෝචනය කර අවශ්‍යතාවය පරිදි සංශෝධනය කරනු ලබන බවද මහ බැංකුව පවසනවා.

මෙම ප්‍රතිපත්ති වෙනස්කම තුළින් මූල්‍ය වෙළඳපොළ සහ පුළුල් ආර්ථිකය වෙත මුදල් ප්‍රතිපත්තිය දැනුම්දීම මෙන්ම සම්ප්‍රේෂණයවීමේ කාර්යක්ෂමතාව සහ සඵලතාව ඉහළ නැංවීම අපේක්ෂා කරනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...