spot_img
spot_img

’’අමුල්’’ සහල් කිලෝ 17,925ක් විනාශ කරන්න නියෝග

අසුරණයේ තිබූ නිෂ්පාදිත දිනය, මිල හා කල් ඉකුත් වීමේ දිනය වෙනස් කරමින් උත්සව සමයේදී වෙළඳපලට යොමු කිරීමට තිබූ කල් ඉකුත් වූ “අමුල්” වර්ගයේ ආනයනික සහල් කිලෝ 17,925ක් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිරීක්ෂණය මත විනාශ කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය අද (27) නියෝග කළා.

සහල් තොගයේ කල්ඉකුත් වීමේ දිනය වසර දෙකක් ඉදිරියට දමා වෙනස් කළ කොළඹ 14, සහල් ආනයනික සමාගමකට හා හිමිකරුට එරෙහිව පාරිභෝගි කටයුතු අධිකාරිය පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝග ය නිකුත් කළ අතර සහල් ආනයනය කළ ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කෙරුණා.

විත්තිකරු අධිකරණය ඉදිරියේ වරද පිළිගැනීම හේතුවෙන් මෙම දඩය නියම කෙරිණි .කොළඹ 14 විත්කරුගේ ගබඩාවේ තිබී කිලෝ 25ක් බරැති සහල් මිටි 717 ක් අත්අඩංගුවට ගෙන මුද්‍රා තැබූ බවද නිලධාරීන් පැවසුවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේත්‍රාත්වරිය පාරිභෝගික නිලධාරීන් ඉදිරියේදි සතියක් ඇතුළත සහල් තොගය විනාශ කරන ලෙසට නියෝග කළ අතර විත්තිකරුට රුපියල් ලක්ෂයක දඩයක්ද නියම කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...