ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාව මුදවා ගැනීමට හෙලිකොප්ටර් යානා හයක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ සදහන් කළා.
රත්මලාන, හිඟුරක්ගොඩ, පලාලි, වීරවිල, අම්පාර, අනුරාධපුර ගුවන් හමුදා කඳවුරුවල හෙලිකොප්ටර් යානා සූදානම් කර ඇති බවත් ජනතාව මුදවා ගැනීමට විශේෂ පුහුණුවක් ලද ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකා භට පිරිස් සූදානම් කර ඇති බවද සදහන් කරනවා.
තවද ගුවන් හමුදා නිරීක්ෂණ යානා මගින් ආපදා තත්ත්ව පිළිබඳව නිරතුරුවම නිරීක්ෂණවල යෙදෙන බවද ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කැප්ටන් එරන්ද ගීගනගේ වැඩිදුරටත් පැවසුවා.




