spot_img
spot_img

ප්‍රබල රාජ්‍යකින්, ශ්‍රී ලාංකික සිරකරුවන් 32ක් ලංකාවට එවලා

කුවේට් රාජ්‍යයේ සිරදඬුවම් ලබමින් සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 104 දෙනෙකු අතරින් 32ක් මෙරටට එවා තිබෙනවා.

ඒ ඊයේ (25) පස්වරුවේ දීයි.

ඒ අනුව ඔවුන් කුවේට් රාජ්‍යයේ සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.මෙම සිරකරුවන් කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රඳවා සිටි අය බව වාර්තා වනවා.

මොවුන්ව මෙරටට එවා තිබුණේ කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේයි.

මෙම ශ්‍රී ලාංකික සිරකරුවන් කුවේට් රාජ්‍යය තුළදී මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම, වෙළෙඳාම් සහ ජාවාරම් කිරීම සහ ප්‍රවාහනය කිරීම යන චෝදනා යටතේ එරට ආරක්ෂක අංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර වැරදිකරුවන් වූ පිරිසක්.

අදාළ සිරකරුවන් සමග කුවේට් රාජ්‍යයේ ආරක්ෂක නිලධාරීන්, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් සහ වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇති බව වාර්තාවනවා.

ඊයේ පස්වරුවේ කුවේට් ගුවන් හමුදාවට අයත්‍ ගුවන්යානය කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව මෙම සිරකරුවන් පිරිස භාර ගැනීමට ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ද පැමිණ සිටිනු දක්නට ලැබුණා

කෙසේ වෙතත්, පසුව එම සිරකරුවන් පිරිස වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගිය බව වාර්තා වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...