2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව ඊයේ (24) පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ දෙදෙනාම රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී ගත්තා.
ඒ අනුව මහීෂ් තීක්ෂණ ඉන්දීය රුපියල් කෝටි 4.40 මුදලකටද, වනිඳු හසරංග ඉන්දීය රුපියල් කෝටි 5.25ක මුදලකටද අලෙවි විය.
එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් පිළිවලින් රු.කෝටි 16කට සහ කෝටි 17කට ආසන්නයි
එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළ මෙම වෙන්දේසිය මෙවර සෞදි අරාබියේදී පැවැත්වුණා.




