ගෑස් සිලින්ඩරය ලකුණින් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමිව තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරදෙක නම් කිරීම දින කිහිපයකට කල් යනු ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙවර මහ මැතිවරණ ප්‍රතිඵල අනුව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකක් පමණයි.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුවේ ඉහළින්ම හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනන සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මහ ලේකම්වරිය වූ ශර්මිලා පෙරේරා මහත්ම මහත්මීන්ගේ නම් සඳහන්ව තිබෙනවා.
කෙසේ වෙතත් මේ වනතුරුත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතක ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකට පත් කරන්නන් සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණ නැති බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරනවා.




