spot_img
spot_img

ඉන්දීයාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් ලංකාවට

ඉන්දීය නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

අද (10) පෙරවරුවේ කොළඹ වරායට ළඟා වූ ‘INS Vela’ සබ්මැරීනය ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගත් බව නාවික හමුදාව පවසයි.

දිගින් මීටර් 67.5කින් යුත් සබ්මැරීනයේ කාර්යමණ්ඩලය 53 දෛනකුගෙන් සමන්විත වේ.

‘INS Vela’ සබ්මැරීනය ලබන 13 වනදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.

එම කාලය තුළ එහි කාර්යමණ්ඩලය, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වර්ධනය කිරීම වෙනුවෙන් සංවිධානය කරනු ලබන වැඩසටහන් කිහිපයකට සහභාගී වීමට නියමිතව ඇත.

එමෙන්ම ඉන්දීය නාවිකයින් පිරිස මෙරට වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමට ද සැලසුම් කර ඇති බව නාවික හමුදාව වැඩිදුරටත් සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...