spot_img
spot_img

ගිනි අවි යළි භාරදීමට අදාළ උපදෙස් මග හරින්නන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

සිවිල් පුද්ගලයින් සතු ගිනි අවි යළි භාරදීමට අදාළ උපදෙස් මග හරින පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව, ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.
ගිනි අවි භාරදීම සම්බන්ධයෙන් අභියාචනා නොකළ සහ නියමිත දිනට භාර නොදෙන අවි, නීතිවිරෝධී ගිනි අවි සේ සළකා කටයුතු කරන බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ ය.

මෙතෙක් නිකුත් කර ඇති ගිනි අවි සහ ඒවායේ හිමිකරුවන් සම්බන්ධයෙන් සියලු තොරතුරු අමාත්‍යාංශය සතු බව ද, එම නිලධාරියා පෙන්වා දෙයි.

නිකුත් කර ඇති උපදෙස්වලට අනුව කටයුතු නොකරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු පවසයි.

සිවිල් පුද්ගලයින්ට නිකුත් කර ඇති ගිනි අවි බාර දීමට දී තිබූ කාලය, ලබන 21 වැනිදායින් අවසන් වේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...