Sunday, April 19, 2026
spot_img
spot_img

පාස්පෝට් ප්‍රශ්නය ඇනුවෙ පළපුරුදු අය – විජිත

පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

එම ක්‍රමවේදය ඊයේ (4) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බවයි අමාත්‍යවරයා පවසන්නේ.

කොටස් වශයෙන් දැන් පාස්පෝට් ලැබෙන අතර ඔක්තෝබර් මාසයේ 50,000ක්, නොවැම්බර් අග ලක්ෂයක්, දෙසැම්බර් අග ලක්ෂයක් වශයෙන් හිස් පාස්පෝර්ට් මෙරටට ගෙන්වා ගැනීමට පෙර පැවැති ආණ්ඩුව එකඟතාවයකට පැමිණ තිබූ බවත් ඔහු පවසනවා.

අමාත්‍යවරයා පවසන්නේ, හිඟ පාස්පෝට් 750,000 එකවර ගෙන්වා ගැනීමට අදාළ ආයතනය සමඟ එකඟතාවයකට පැමිණ තිබුණේ නැතැයි ද ඒ ප්‍රශ්නය නිසා ඉල්ලුමට සරිලන පාස්පෝට් ප්‍රමාණයක් ලබාදෙන්න අපහසු තත්ත්වයක් මතු වී ඇති බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා :

“මේක අපි ඇති කරපු ප්‍රශ්නයක් නෙමෙයි. අත්දැකීම හා පළපුරුද්ද තියෙන අය නිර්මාණය කරපු අර්බුදයක්. ඒක විසඳන්න අපි උත්සාහ කරලා දැන් අපි බොහෝදුරට විසඳලා තියෙනවා. පළමුව අපි පාස්පෝට් ගෙන ඒමට මැදිහත් වුණා. දැන් ඒ වැඩේ හරි. දැන් තියෙන්නේ ක්‍රමවේදයකට අනුව පාස්පෝට් ලබාදෙන්න”

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් අමාත්‍ය විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...