Saturday, May 9, 2026
spot_img
spot_img

ජනපති ඉදිරියේ කෘෂි නිලධාරීන් නිරුත්තර වෙයි

කෘෂිකර්ම අමාත්‍යාංශය මෙතෙක් දියත් කර ඇති ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවලින් ග්‍රාමීය දිළිඳුභාවය කොතෙක් දුරට විසඳා තිබේදැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රශ්න කර තිබෙනවා.

පසුගියදාපැවති කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම මිස වෙනත් පාර්ශවයන්ගේ දියුණුව නොවන බවයි.

දිළිඳුකම යනු මුදල් නොමැතිවීම පමණක් නොව, එය මහා සමාජ ව්‍යසනයක් බවත් ඒ හේතුවෙන් මිනිසුන් කොට්ඨාසයක් සමාජය තුළ කොන් වී ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී පවසා තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා :

“ අපේ රටේ කවුද මේක තුරන් කරන්න වැඩ කළේ. මෙච්චර කල් ඔයාලා හරියට වැඩ කරලා තිබුණා නම්, මේ වෙනකොට රටේ කිසිම මිනිහෙක් දුප්පත් වෙන්න විදිහක් නෑ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, මේ රටේ දුප්පත් මිනිස්සු කොච්චර නම් ඉන්නවාද, වේලක්වත් කන්න නැති මිනිස්සු කොච්චර ඉන්නවාද..රටේ මිනිස්සුන්ගේ බඩගින්න නිවන්න වැඩ කරන්න ඕනා නිලධාරීන් ඔයාලා. මෙතනින් ඉස්සරහට ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ඉලක්කය වෙන්න ඕනා ගම්වල ඉන්න ජනතාවගේ දිළිඳුකම පිටුදැකීම විතරයි.” යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙහිදී කෘෂිකර්ම නිලධාරීන්ට අවධාරණයෙන් ප්‍රකාශ කළා.

මින් ඉදිරියට සියලු සංවර්ධන සැලසුම් දියත් විය යුත්තේ ග්‍රාමීය සංවර්ධනය ඉලක්ක කරගෙන බව පැවසූ ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ, සෙසු අමාත්‍යාංශවල කාර්යභාරය සම්බන්ධයෙන් ද තමන් තුළ කණස්සල්ලක් පවතින බවයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක කර ඇති සහ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින ව්‍යාපෘති කෙරෙහි මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණා.

බොහෝ ව්‍යාපෘති සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ අතර, වැව් අමුණු සහ එල්ලංගා පද්ධති පදනම් කර ගනිමින් ක්‍රියාත්මක වැව්ගම් පුබුදුව නමැති වැඩසටහන කෙරෙහි එහිදී ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ඒ යටතේ දැනට කර ඇති ව්‍යාපෘති සියල්ල පිළිබඳ කෙටි හැඳින්වීමක් එහි පැමිණ සිටි එම ව්‍යාපෘතියේ නිලධාරීන් ජනාධිපතිවරයාට ඉදිරිපත් කළ බවත්, එය ඇසූ ජනාධිපතිවරයා විමසා ඇත්තේ, එම ව්‍යාපෘතිය පමණක් සාර්ථකව ක්‍රියාත්මක වීමටත් සෙසු ව්‍යාපෘති අපේක්ෂිත ඉලක්ක සපුරා නොගැනීමටත් හේතු මොනවාද යන්නයි.

එම ව්‍යාපෘතිය ආදර්ශයට ගෙන සෙසු ව්‍යාපෘති නිලධාරීන් ද ක්‍රියාත්මක විය යුතු බව මෙහිදී ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

එම ව්‍යාපෘතියේ ප්‍රගතිය ද මෙහිදී ජනාධිපතිවරයාගේ ඇගයීමට ලක් වුණා.

සමස්ත රටේම කෘෂිකර්මාන්තය සංවර්ධනය කර අපේක්ෂිත ප්‍රතිඵල ජනතාවට දීමට නම්, සියලු ව්‍යාපෘති ජාතික මට්ටමට ගෙන ඒමේ විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට ද ජනාධිපති අනුර කුමාර දිසානායක කෘෂි අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

සමස්ත අමාත්‍යාංශවල සිටින සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කුඩා කුඩා කණ්ඩායම් වශයෙන් සකස් කරගත් වැඩපිළිවෙළක් දියත් කිරීම තුළින් රටේ දරිද්‍රතාව තුරන් කළ හැකි බව ද මෙහිදී සාකච්ඡාවලට ලක් වූ බව සඳහන්.

කුඩා ව්‍යාපෘතියේ සිට මහා පරිමාණ ව්‍යාපෘතිය දක්වා සියලු වැඩ අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය කරමින් පූර්ණ අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදී ඉදිරිපත් වූ යෝජනාවට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිව තිබෙන අතර, ඒවා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසට ද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...