spot_img
spot_img

නාමල් CIDයෙන් පිටව යයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පැය දෙක හමාරකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබාදී ඉන් පිටව ගොස් තිබෙනවා.

අද පෙරවරු 09.00ට පමණ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබුණේ ප්‍රකාශයක් ලබාදීම සඳහා තමාව කැඳවා ඇති බව පවසමින්.

නාමල් රාජපක්ෂ මහතා මාධ්‍යයට පළ කළ අදහස් :

“සාමාන්‍යයෙන් අපේ රටේ දේශපාලන සංස්කෘතිය තමා ආණ්ඩු මාරු වෙනකොට අනෙක් ආණ්ඩුවේ හිටිය අයව ගෙන්නලා ප්‍රශ්න කරනවා. එන්න කිව්වහම අපි එනවා. රටේ ජනතාවට අවබෝධයෙන් බොරු කියලා, අපි කෙරෙහි වැරදි චිත්‍රයක් මවලා තියෙනවා. අපි ඇවිල්ලා සහයෝගය ලබාදෙනවා. අද නම් එන්න කියලා තියෙන්නේ, 2010 – 2015 කාලයේ දී මගේ කාර්යාලයට ඇවිල්ලා මහත්තයෙක් සල්ලි දීලා ගිහින්. නිර්ණාමික පැමිණිල්ලක්. ඒ පැමිණිල්ලට අනුව මුදල් ගෙනල්ලා මගේ කාර්යාලයේ තියලා ගිහින්. ඒ ගැන මගෙන් අහනවා.

ඔය වගේ පැමිණිලි දාස් ගණනක පහුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී ඇවිත් උත්තර දුන්නා. රිමාන්ඩ් වුණා. අධිකරණයේ නඩු පවරලා තිබුණා. නිදොස් කොට නිදහස් වුණා. ඒ නිසා පැහැදිලිවම ඇවිල්ලා මේවට සහයෝගය ලබාදෙනවා. අපි ආණ්ඩුවෙනුත් ඉල්ලන්නේ මේ විදියටම උගණ්ඩාව හා ෂීෂෙල් සම්බන්ධයෙන් අපිව ගෙන්නලා අවබෝධයෙන් බොරු කිව්ව අයගෙත් කටඋත්තර ලියාගෙන ලෝකයේ මේවා තියෙන තැන් දන්නවා කියන අය, චෙක් දැක්කා කියන අයවත් ගෙනල්ලා සාක්ෂි සඳහන් කරලා පරීක්ෂණ කරන්න. ඒ වගේම මම ගෞරවයෙන් ඉල්ලනවා අපිව පාවිච්චි කරලා, දේශපාලන දඩයම පටන් ගෙන ඔන්න අපි රාජපක්ෂලා හිරේ දාන්න ලෑස්ති කරලා තියෙන්නේ, ඔන්න අධිකරණයට ගෙනාවා, ඔන්න ප්‍රශ්න කරා, ඔන්න කටඋත්තර දුන්නා පැය 10ක් ප්‍රශ්න කරා කියලා ජනතා ප්‍රශ්න යට ගහන්න එපා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...