spot_img
spot_img

සී ෂෙල්ස් නව නීතිපති ධුරයට ලාංකිකයෙක්

සී ෂෙල්ස්හි නව නීතිපතිවරයා ශ්‍රී ලාංකිකයෙකු වන වින්සන්ට් පෙරේරා දිවුරුම් දී තිබෙනවා.

සී ෂෙල්ස් මාධ්‍ය වාර්තා කළේ ඊයේ (16) දිනයේ දී ඔහු රාජ්‍ය මන්දිරයේ දී නීතිපතිවරයා ලෙස දිවුරුම් දී ඇති බවයි.

ශ්‍රී ලංකාවේ උපත ලැබු වින්ස්න්ට් පෙරේරා කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිපති උපාධියක් ලබාගෙන ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතීඥවරයෙකු ලෙස ද කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ෆිජි හී නීතීඥවරයෙකු හා සොලිස්ටර්වරයෙකු ලෙස කටයුතු කර ඇති ඔහු සිංගප්පූරුවේ සමත මධ්‍යස්ථානයේ පිළිගත් මැදිහත්කරුවෙකු ලෙස ද සුදුසුකම් ලබා ඇති බව සඳහන් වනවා.

සී ෂෙල්ස් නිතිපතිවරයා ලෙස පත්වීමට පෙර වින්ස්න්ට් පෙරේරා මහතා සී ෂෙල්ස්හි නීතිපති කාර්යාලයේ සිවිල් නඩු පැවරීමේ නීති උපදේශකයෙකු ලෙස කටයුතු කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...