spot_img
spot_img

ජනපති අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා මහජන ප්‍රදර්ශනයට

ජනාධිපති අපේක්ෂකයන් භාර දුන් සියලු වියදම් වාර්තා ලබන 24 වැනිදා සිට ජනතාවට ප්‍රදර්ශනය කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා සඳහන් කළේ, රාජගිරිය මැතිවරණ ලේකම් කාර්යාලයේදී සහ සියලු දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලදි මැතිවරණ වියදම් වාර්තා මෙසේ ප්‍රදර්ශන කරන බවයි.

පනත අනුව එම වියදම් වාර්තා බාරදීමේ අවසාන දිනෙන් දින දහයකට පසු ඒවා ජනතාවට ප්‍රදර්ශනය කළ යුතු බව අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති විමර්ශන) චින්තක කුලරත්න මහතාගෙන් පැවසුවා.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අපේක්ෂකයන් 38 දෙනාගෙන් 35 දෙනෙකු ආදායම් වාර්තා මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...