spot_img
spot_img

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

ලබන මාසයේ සිට විශ්‍රාම වැටුපට රුපියල් 3,000ක් එකතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඔක්තෝබර් මාසය සඳහා එම මුදල අන්තර්කාලීන දීමනාවක් ලෙස ලබාදීමට කැබිනට් අනුමැතිය ලැබුණු බව ඔහු පැවසුවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ, මෙම මාසය සඳහා ලබාදෙන මෙම අමතර දීමනාව ඉදිරි දිනවලදී ලබා ගත හැකි බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ,

“විශ්‍රාමිකයින්ගේ බරපතළ වැටුප් විෂමතාවයක් තියෙනවා කාලයක් තිස්සේ තියෙන එකක්. ඒ වැටුප් විෂමතාවය කෙටිකාලයක් තුළ එකවර විසඳන්න අමාරුයි. නමුත් රජය තීන්දු කළා විශ්‍රාමිකයින් සඳහා රුපියල් 3000ක දීමනාවක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි ලබාදෙන්න. මේ මාසේ 10 වනදා වෙනකොට විශ්‍රාම වැටුප ලබාදීලා තියෙනවා. ඒකට මේ රුපියල් 3000 ඇතුළත් වුණේ නැහැ. ඒ නිසා රජයේ විශේෂ වැඩපිළිවෙළක් යොදනවා මහ භාණ්ඩාගාරයේ මුදල් නිකුත් කරලා තියෙනවා. මේ රුපියල් 3000 දිමනාව අමතර දීමනාවක් ලෙස ලබාගන්න පුළුවන්. විශ්‍රාමිකයින්ට එම දිමනාව ඉදිරි දිනවලදී මේ මාසය සඳහා දීමනාවක් ලැබෙනවා. ලබන මාසයේ ඉඳලා තමන්ගේ විශ්‍රාම වැටුපට මේ රුපියල් 3000 එකතුවෙනවා. අපේ රටේ රජයේ සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 3000ක් දීමනාව විශ්‍රාම වැටුපට එකතුවෙනවා. මේ මාසය සඳහා වෙනම දීමනාවක් විදියට එය ලබාදනේන කැබිනට් මණ්ඩලය තීරණය කළා.”

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...