spot_img
spot_img

ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩමක් ලංවිමට

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු ඉඩම් කොටසක් යෝජිත ඒකල ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ඒකල සහ ඒ අවට ප්‍රදේශය තුළ පවතින ඉහළ විදුලි ඉල්ලුම අනුව අඛණ්ඩව විදුලිය සැපයීම මෙන්ම දැනට පවතින විදුලි බල පද්ධතියේ ගුණාත්මක බව ඉහළ නැංවීම අරමුණු කර ගනිමින්, ඒකල කර්මාන්ත පුරය තුළ ග්‍රීඩ් උපපොළක් ඉදි කිරීමට යෝජනා වී තිබුණා.

ඒකල සැන්ඩ්සේප් වත්තට යාබදව පිහිටි ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු අක්කර 10 ක ඉඩමෙන් අක්කර 02යි රූඩ් 02 ක ඉඩම් කොටසක් යොදා ගෙන එම ග්‍රිඩ් උපපොළ ඉදිකිරීම සුදුසු බවට හඳුනාගනු ලැබ තිබෙනවා.

ඒ අනුව, එම ඉඩම් කොටස රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරු වටිනාකම වන රුපියල් මිලියන 320ක මුදල අය කරගෙන ලංකා විදුලිබල මණ්ඩලය වෙත පවරා දීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති අකිල විරාජ් අල්ලස් කොමිසමට

ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...