spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගය ගැන අවසන් තීරණය අද

මතභේදකාරී තත්වයකට මුහුණ දී ඇති පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් අවසන් තීරණය අද (14) දිනයේ දැනුම් දීමට නියමිතව තිබේ.

ඒ අනුව අද උදෑසන විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් මේ සම්බන්ධයෙන් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

කෙසේ වෙතත් ශිෂ්‍යත්ව විභාගය යළි නොපවත්වනු ඇති බව වාර්තා වේ.

එහි ප්‍රශ්න තුනක් පමණක් පිටවී ඇති බවට සිදු කළ විමර්ශනවලදි තොරතුරු අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ දැනට අත්හිටුවා ඇති පිළිතුරු පත්‍ර පරීක්ෂා කටයුතු කඩිනමින් ආරම්භ කිරීමටද නියමිතයි.

ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීම සඳහා කමිටු කිහිපයක් පත් කළ අතර එම පරීක්ෂණ කණ්ඩායම්වල අවසන් තීරණය වී ඇත්තේ විභාගයට පෙර පිටවී ඇත්තේ ප්‍රශ්න 03ක් පමණක් බවයි.

ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද වෙනනම පරීක්ෂණයක් ආරම්භ කළේය.

එහෙත් දෙමව්පියන් පිරිසක් අවස්ථා කිහිපයක දී මාධ්‍ය හමු පවත්වමින් සහ උද්ඝෝෂණ පවත්වමින් සදහන් කළේ සම්පුර්ණ ප්‍රශ්න පත්‍රයම පිටවී ඇති බවය.

මේ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග එම දෙමව්පියන් සාකච්ඡා කළ අතර එහි ප්‍රථිපලයක් ලෙස පරීක්ෂණ කටයුතු අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතු අත්හිටුවනු ලැබීය.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...