ඉහළ වත්කම් ඇති පුද්ගලයින් 100 දෙනෙකු කෙරෙහි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුව ඇති බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් ඇය ප්‍රකාශ කළේ, එම සුපිරි ධනවතුන් 100 දෙනාගේ ආදායම්,වත්කම් හා වාර්තා ගොනු කිරිමේ ඉතිහාසය ගැඹුරින් සමාලෝචනය කරන බවයි.
ඒ සඳහා ඉහළ ධනවත් පුද්ගල අංශය නමින් විශේෂ කාණ්ඩයක්ද සකස් කර ඇති අතර, එහි විමර්ශන කටයුතු සඳහා විශේෂඥයින් 10 කුගෙන් යුත් කණ්ඩායමක් ද අනියුක්ත කර තිබෙනවා.
නිවේදනයේ දැක්වෙන්නේ, ඔවුන් සම්බන්ධයෙන් ඉතා සමීපව අධ්‍යයනය කරන බවයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, මේ යටතේ ඉහළ වත්කම් ඇති පුද්ගලයින්ගේ වාර්තා යාවත්කාලීන කිරීම මෙන්ම දෝෂ හා අඩුපාඩු හඳුනාගැනීමටද සැලසුම් කර ඇති බවයි.




