ප්‍රවීණ රංගන ශිල්පිනියක්, මාධ්‍යවේදිනියක් සහ නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මියයන විට ඇය 73 හැවිරිදි වියේ පසුවූවා .
ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවීණතම ප්‍රවෘත්ති නිවේදිකාවක් වූ රම්‍යා වනිගසේකර මහත්මිය 1981 සිට 2006 වසරේ විශ්‍රාම යන තුරුම එහි සේවය කළ අතර ඇය එහි A ශ්‍රේණියේ නූර්ති ගායිකාවක ද වනවා.
පසුබිම් ගායිකාවක වශයෙන් මුලින්ම වේදිකා නාට්‍යවලට සම්බන්ධ වූ ඇය පසුව වේදිකා නිළියක් වූ අතර කැළණි පාලම වේදිකා නාට්‍යයේ රංගනය වෙනුවෙන් රාජ්‍ය සම්මානයට ද පාත්‍ර වූවා.
ටෙලිනාට්‍ය රැසකට ද ඇය රංගනයෙන් දායකත්වය ලබාදී තිබෙනවා.
Comments




