spot_img
spot_img

සජබ පෙළපාලියක් පොලීසියෙන් නවත්තලා

කුරුණෑගල දිස්ත්‍රික්කය වෙනුවෙන් ඊයේ (11) නාම යෝජනා භාර දීමෙන් පසු පැවැත් වූ සමගි ජන බලවේගයේ පෙළපාලියක් පොලිසිය මැදිහත් වී වැළැක්වීමට කටයුතු කර තිබෙනවා.

මෙම පෙළපාලියට සමගි ජන බලවේගයේ ජේ. සී අලවතුවල සහ අශෝක් අබේසිංහ යන මැතිවරණ අපේක්ෂකයින් සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, පොලිසිය පැමිණ පෙළපාලියේ ගමන් ගත් පිරිසට සහ අපේක්ෂකයින්ට කළ දැනුම් දීමෙන් පසු ඔවුන් විසිර ගොස් තිබුණා.

පාර්ලිමේන්තු ඡන්ද විමසීමේ නාම යෝජනා භාර ගැනීම සහ ඇප මුදල් තැන්පත් කිරීම ඊයේ (11) දිනයෙන් අවසන් වුණා.

එහිදී , දිවයිනේ දිස්ත්‍රික්ක 22ම ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කළ අතර, පක්ෂයක නාම යෝජනා භාර දීමෙන් අනතුරුව වාහන හෝ පාගමනින් පෙළපාලි නොයන ලෙසත් ඒ සඳහා කිසිසේත් ඉඩකඩ ලබා නොදෙන බවටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය දා උදෙස් නිකුත් කර තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...