spot_img
spot_img

මහ මැතිවරණයේ නාමයෝජනා 74 ක් ප්‍රතික්ෂේප වෙයි

2024 මහ මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල නාමයෝජනා 690ක් පිළිගෙන තිබෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එම කොමිසම පවසන්නේ, ඒ අතර ලැබී ඇති නාමයෝජනා අතරින් 74 ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.

ඒ අනුව ඉදිරි මැතිවරණයේදී කොට්ඨාශ 22ක් සඳහා කණ්ඩායම් 690ක් තරඟ කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

නාම යෝජනා කැඳවීම අවසන් වීමෙන් අනතුරුව මැතිවරණ කොමිසම විසින් පවත්වනු ලබන මාධ්‍ය හමුවේදීයි ඔහු මේ බව කියා සිටියා.

අද (11) දිනයේදී ඊට අදාළ ස්වාධීන කණ්ඩායම් සඳහා එම දිස්ත්‍රික්කයේ තේරීම් භාර නිලධාරීන් විසින් ඔවුන්ට අදාල සලකුණු ලබා දීමේ කටයුතු සිදු කරනු ලැබුවා.

එමෙන්ම මෙම නාමයෝජනා භාර ගැනීමේ කටයුතුවලදී මෙම නාම යෝජනා පත්‍ර 74 ප්‍රතික්ෂේප කර ඇත්තේ 1981අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 15 වන වගන්තියට අනුකූලව නාමයෝජනා පත්‍ර භාර නොදුන් නාමයෝජනා බවයි ඔහු සඳහන් කළේ.

විශේෂයෙන්ම මෙම 15 වන වගන්තියේ 4,5 අනු වගන්තිවල මෙම නාමයෝජනා පත්‍ර හාර දීමට සූදුසුකම් ඇත්තේ කාටද යන්නත් සඳහන්ව ඇති බව ඔහු පවසනවා.

එමෙන්ම 15 (01) වගන්තියේ මෙම නාමයෝජනා පත්‍ර භාර දිය යුතු ආකාරය කුමක්ද යන්න සම්බන්ධයෙන්ද සඳහන් වන බවයි සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ.

ඔහු සඳහන් කළේ, එක් එක් මැතිවරණ කොට්ඨාස සඳහා නාමයෝජනා භාර දිය යුතු අපේක්ෂක සංඛ්‍යාව පිළිබඳ එහිදී සඳහන් වන බවයි.

එමෙන්ම මෙම සියලු අපේක්ෂකයින් තමන්ගේ කැමැත්ත පළ කරමින් අත්සන් කල තිබිය යුතු බව මෙම 15 (02) වගන්තියේ සඳහන්ව තිබෙන බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

ඒ අනුව මෙහිදී කාරණා 07 ක අනුකූලව කටයුතු නොකිරීම හේතුවෙන් නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වූ බව සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

එමෙන්ම ප්‍රතික්ෂේප වූ ඕනෑම නාමයෝජනාකරුවකුට තමන්ගේ ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් අධිකරණයට ගොස් නියෝගයක් ලබා ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...