spot_img
spot_img

හේෂා සජිත්වත් නොමග යවලා මාව කඩේ යැව්වා – දමිතා

තමාගේ නම රත්නපුර නාමයෝජනා ලැයිස්තුවෙන් ඉවත් කිරීම හේතුවෙන් තමාගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවී ඇති බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පවසනවා.

අද (11) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී මාධ්‍ය අමතමින් ඇය මේ බව කියා සිටියා.

මැතිවරණයට තරඟකිරීම සඳහා තමන්ව යෝජනා කළ පුද්ගලයාම තමාට එරෙහිව කටයුතු කර ඇති බව ඒ මහත්මිය පවසනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දමිතා අබේරත්න මහත්මිය :

“හේෂා විතානගේ සහෝදරයා මගෙන් ඉල්ලීමක් කළා දමිතා අක්කේ ඇයි ඔයා රත්නපුරයෙන් ඉල්ලන්නේ නැත්තේ. මම කොහෙන්හරි ඉල්ලනවද කියලවත් හිතලා තිබුණේ නැහැ. මට කිව්වා… නෑ අක්කේ මං ඔයාව මෙහෙන් දාන්නම්, මෙහෙ කාන්තා නියෝජනයක් නැහැ කියලා. මං කිව්වා මල්ලි යෝජනා කරනවනම් මම එන්නම් කියලා. ඒ විදියට තමයි මගේ නම ආවේ. ඒක නෑ කියනවනන් මගේ ලග සාක්ෂි තියෙනවා. ඊයේ මට ආරංචියක් ආව මගේ නම නෑ කියලා. මගේ නම වෙනස් කරා කියලා. මං මේ සාක්ෂි ඇතුව කථා කරන්නේ. මේ සාක්ෂි සියල්ල මාධ්‍ය ඉදිරියේ පෙන්වන්න ලෑස්තියි.

මං දන්නෑ හේෂා මේ වගේ පහත් තැනකට වැටුණේ ඇයි කියලා. මාව යෝජනා කරපු කෙනාම මාගේ කකුලෙන් අදින්න පටන්ගත්තා. අධිකරණ ක්‍රියාමාර්ගයකට මම යනවා. මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් පැහැදිලිවම සිදුවෙලා තියෙනවා”.

මේ අතර අද පෙරවරුවේ පැවැති තවත් මාධ්‍ය හමුවකදී හේෂා විතානගේ මහතා දමිතා අබේරත්න මහත්මිය සම්බන්ධයෙන් දැක්වූ අදහස් :

“රත්නපුර දිස්ත්‍රික්කයේ නාමයෝජනා මණ්ඩලයට අයදුම්පත් සීයකට අධික සංඛ්‍යාවක් ආවා. නමුත් අපට ලබාදිය හැක්කේ 14 දෙනෙකුට විතරයි. දමිතා අබේරත්න කියන්නේ අපේ පක්ෂයට විශාල ශක්තියක් ලබාදීපු කලාකාරිනියක්. නමුත් රත්නපුර දිස්ත්‍රික්කයට දේශපාලන නායිකාවක් හදාගැනීමට අවශ්‍යතාව තිබෙන නිසා ජාතික තලයේ අපට කොච්චර හයියක් දුන්නත්, පිටින් මේ දිස්ත්‍රික්කයට ආනයන කරන අපේක්ෂයෝ නොදානවා කියලා තීන්දුවක් ගත්තා. ඒ නිසා රත්නපුරයේ ඉපදුණු, රත්නපුරයේ ජනතාවත් එක්ක බද්ධ වෙලා ඉන්න කණ්ඩායමක් විදියට තමයි සමගි ජන බලවේගය කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය භාරදුන්නේ”.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...