spot_img
spot_img

රාජකාරියට වාර්තා නොකළොත් දඩය ලක්ෂයයි

මැතිවරණ රාජකාරි සඳහා වාර්තා කරන ලෙස පත්වීම් ලිපි ලැබෙන සියලුම නිලධාරීන් අදාළ මැතිවරණ රාජකාරියට වාර්තා කළ යුතු බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, පාර්ලිමේන්තු මැතිවරණයේ රාජකාරි සඳහා පත්වීම් ලිපි ලබාගත් නිලධාරීන් ඊට වාර්තා නොකරන්නේ නම් රුපියල් ලක්ෂයක දඩයක් ලැබිය හැකි වරදක් බවයි.

ඒ අනුව, පනතේ සඳහන් වන ආකාරයට ඊට අදාළ දඬුවම් ලබා දෙන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම මැතිවරණ කොමසාරිස් පැවසුවේ තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම සහ අයදුම්පත් ප්‍රතික්ෂේප වීම මැතිවරණ රාජකාරි වලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බවයි.

තමන්ගේ නිත්‍ය සේවා ස්ථානයට වාර්තා කිරීමෙන් පසුව පැමිණීමේ සහතිකය ආයතන ප්‍රධානියාට වෙත ඉදිරිපත් කළ යුතු බව ද ඔහු පවසනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ, එමෙන්ම මැතිවරණ රාජකාරියට වාර්තා නොකරන නිළධාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මැතිවරණ කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන තැනැත්තන් ලෙස සැලකෙන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...