spot_img
spot_img

පාඨලී සජබ දාලා ගිහින්

එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන සන්ධානයෙන් ඉවත් වන බව පවසනවා.

ඒ අනුව සිය පක්ෂය, සමගි ජන බලවේගය සම​ඟ සන්ධාන ගතවීමේදී මහ මැතිවරණය සඳහා එකඟ වූ පරිදි කටයුතු නොකරමින්, ඔවුන් ගිවිසුම ඒකපාර්ශවීයව උල්ලංඝණය කර ඇති බවයි පවසන්නේ.

එමෙන්ම නාමයෝජනා ලැයිස්තු සැකසීමේදී එම ගිවිසුම උල්ලංඝනය වී තිබෙන බව පෙනීයන යන හෙයින් ඉහත තීරණය ගත් බවද එම පෙරමුණ පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් පාඨලී ප්‍රමු​ඛ එක්සත් ජනරජ පෙරමු​ණ මේ බව කියා සිටියා.

මේ හේතුවෙන් තවදුරටත් සමගි ජන බලවේග​ය සමඟ කටයුතු නොකරන බවත් සමගි ජන සන්ධානයෙන් ඉවත්වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.

එම තීරණය ගත්තේ සමගි ජන බලවේගයට සතුරුකම් කිරීමේ අදහසකින් නොවන බවත් අදාල ගිවිසුම උල්ලංඝනය වීම දරා ගැනීමට නොහැකි වීම නිසා බවත් පාඨලී චම්පික රණවක මහතා කොළඹදී අද පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් සඳහන් කළා.

එහිදී එක්සත් ජනරජ පෙරමුණට සමගි ජන බලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීමට එකඟ වී තිබෙන්නේදැයි ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පාඨලී චම්පික රණවක මහතා පැවසූයේ එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදීම සඳහා එකඟතාවය පළ වී තිබෙන බවයි.

අදාළ නිවේදනය පහතින්,

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...