spot_img
spot_img

සැත්කමින් පසු දැරියෙක් මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයාට නියෝගයක්

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂිකාරයෙකු ලෙස නොව සැකකරුවකු ලෙස නම්කර වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා රහස් පොලිසියට අද (09) නියෝග කළා.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂිකරුවකු ලෙස නම් කර ඇති විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජේකෝන් මහතා මරණ පරීක්ෂණ විමර්ශනයේ සාක්ෂි විභාගය මග හරිමින් විදේශගතව ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා.

කොටහේන ප්‍රදේශයේ පදිංචි මවුපිය යුවළකගේ අවුරුදු දෙකක් වයස හම්දි දැරියගේ වම් වකුගඩුව අක්‍රිය වීම හේතුවෙන් එය ඉවත් කිරීමට 2022දෙසැම්බර් 22 වන දින කළ ශල්‍ය කර්මයෙන් මාස හයකට පමණ පසුව දකුණු වකුගඩුවද නොමැතිව දරුවා මිය යාම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන මහේස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි විභාගය කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කරනු ලැබුවා.

ඊයේ මෙම පැමිණිල්ල පශ්චාත් මරණ පරීක්ෂණ විමර්ශනයේ වෛද්‍යවරයාට අදාළ සාක්ෂි විභාග කිරීම සඳහා කැඳවූවා.

දැරියගේ ශල්‍යකර්මය භාරව කටයුතු කළ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නවීන් විජයකෝන් මහතාගේ සාක්ෂි ස්කයිප් තාක්ෂණය ඔස්සේ කැඳවීමට නියම කර තිබුණද ඕස්ට්‍රේලියාවේ රැඳී සිටින සාක්ෂිකරු සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසුවා.

සාක්ෂිකරුවකු ලෙස නම්කර ඇති විශේෂඥ වෛද්‍යවරයා සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවට පෙනී යන බව ද රහස් පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...