spot_img
spot_img

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශයෙත් වාහන කිහිපයක් අතුරුදන්

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති කාර් රථ 10ක්, කැබ් රථ 10ක්, ජිප් රථ 02ක් ,යතුරුපැදි 02ක් සහ ,ලොරි රථයක්, අස්ථානගත වි ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වනවා.

වර්තමානයේ මෙකි භාවිතා කරණු ලබන පාර්ශව පිළිබද තොරතුරු අනාවරණය කරගැනිමට නොහැකිවි ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

එහිදී සඳහන් වන්නේ, මෙම වාහන විධිමත්ව අපහරණය කළ බවට සාක්ෂි විගණනයට අනාවරණය වි නොමැති බවයි.

අමාත්‍යංශයේ ප්‍රවානහන අංශය විසින් මේ සම්බන්ධයෙන් මුදල් ‍රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබු අතර මෙම වාහන 2023 දෙසැම්බර් මස 31 දිනට අමාත්‍යංශයේ වාහන ලැයිස්තුවට හා වත්කම් ගිණුමට ඇතුළත්ව නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වනවා.

මේ නිසා 2023 වර්ෂයේ ගිණුම්වල ඇතුලත් වත්කම්වල වටිනාකම ඌණ ගණනය වි ඇති බවද විගණනය මගින් අනාවරණය කර තිබෙනවා.

එමෙන්ම අමාත්‍යංශයේ ප්‍රවාහන අංශය සතු මෝටර් රථ 15ක් මේ වනවිට වෙනත් රාජ්‍ය ආයතන විසින් භෞතිකව පරිහරණය කරනු ලැබුවද මේ දක්වා එම වාහන විධිමත්ව පවරාදිමට හෝ නැවත ලබාගැනිමට කටයුතු කර නොතිබුණා.

එහි රුපියල් මිලියන 33.7ක් වු වාහන 08ක් සහ තවදුරටත් ගිණුම්ගත නොකළ වාහන 07ක් පවතින බවද විගණන වාර්තාවේ සදහන්.

ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්ව ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව තිබෙනවා

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...