spot_img
spot_img

කුරුණෑගල රාජසභා මණ්ඩපය යළි ඉදිකරන්න සැලසුම්

කඩා දැමුණු ඓතිහාසික කුරුණෑගල බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකරන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් මහාචාර්ය තුසිත මෙන්ඩිස් මහතා සඳහන් කළේ, බුවනෙකබා රාජසභා මණ්ඩපය නැවත ඉදිකිරීම සඳහා නගර සභාවෙන් අනුමැතිය ගත යුතු බවය.

ඊට හේතු වී ඇත්තේ, එය නගර සභාව සතු භූමියක් වීමයි.

පරණ කොටස ආරක්ෂා කරමින් අනෙක් කඩා දැමු කොටස නැවත ඉදිකරන බව කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

2020 වසරේ ජූලි මාසයේ 14 වැනි දා මාර්ගය පුළුල් කිරීමට යැයි පවසමින් කුරූණෑගල මහනගර සභාව, බැකෝ යන්ත්‍රයක් යොදා ඉපැරණි බුවනෙකබා රාජ මාලිගයට හානි සිදුකර තිබුණි.

13 වන සියවසේ කුරුණෑගල රාජධානි සමයට අයත් යැයි සැළකෙන අදාළ ගොඩනැගිල්ල, 1940 අංක 09 දරණ පුරා වස්තු ආඥා පනත යටතේ පුරා විද්‍යා රක්ෂිතයක් ලෙස සැලකෙන ස්මාරකයකි.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...

රාජ්‍ය සේවයේ ලොකු වෙනසක්

“සුපිලිපන් සංස්කෘතියක් – ක්ලීන් ශ්‍රී ලංකාවක්” යන තේමාව...