spot_img
spot_img

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අසාධාරණයක්

පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රුපියල් 3000 ක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න පවසනවා.

ඇය මේ බව සඳහන් කළේ, මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනයේ ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය හේතුවෙන් යැයි පවසමින්, මැතිවරණ කොමිසම විසින් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස තුනේ රු. නව දහසක මුදලක් විශ්‍රාමිකයින්ට අහිමි වී ඇති බවයි.

ඔක්තෝබර් මස විශ්‍රාම වැටුප සමඟ අදාල මුදල් ලබා දෙන බව පැවසූ නමුත් එම මුදල් මෙවර විශ්‍රාම වැටුප් දිනයේ ද, ගෙවීමට රජය පියවර ගෙන නොමැති අතර මහා මැතිවරණය අවසන් වන තුරු එම මුදල ගෙවීම අත්හිටුවන්නේ නම්, මාස හතරක වැඩිකල වැටුප, (රු. 12,000 ක්) විශ්‍රාමිකයින්ට අහිමි වන බව එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

එපමණක් ද නොව, මහා මැතිවරණය අවසානයේ දී, පළාත් පාලන මැතිවරණය කැඳවනු ලබන්නේ නම්, තවත් මාස තුනකට පමණ විශ්‍රාමිකයින්ට තමන්ට හිමි විය යුතු මුදල නොලැබී යාමේ අවදානමක් පවතින බව ඇය සිය නිවේදනය මගින් අවධාරණය කර සිටියා.

රජය පොහොර සහනාධාරය, ඉන්ධන සහනාධාරය, නොමිලේ පොහොර බෙදීම සහ අනෙකුත් සහන ව්‍යාපෘති සියල්ල මේ වන විට අඛණ්ඩව පවත්වාගෙන යන බවත් එසේ තිබිය දී, විශ්‍රාමිකයින්ට ගෙවනු ලබන සොච්චම් දීමනාව පමණක් කපා දැමීම අවසනාවන්ත තත්වයක් බවත් ඇය සඳහන් කළා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක SC/FR/258/2014 (වසන්ත ජයලත් සහ තවත් අයට එරෙහි ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය) නඩු තීන්දුව මගින් මැතිවරණ සමයක සහන සැලසීම සීමාවන්ට යටත්ව සිදු කළ හැකි බවත් එසේ තිබිය දී, මැතිවරණ කොමිසම හා රජය එක්ව විශ්‍රාමිකයින්ගේ වැටුප් අයිතිය අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...