spot_img
spot_img

නිලන්ත පාස්කු වන්දි මුදල ගෙවා අවසන් කරලා

අධිකරණය විසින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන වෙත නියම කරනු ලැබු රුපියල් මිලියන 75ක වන්දි මුදලින් ගෙවීමට තිබු ඉතිරි මුදල වන රුපියල් මිලියන 65ක මුදල ගෙවා අවසන් කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

පාස්කු ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් නිලන්ත ජයවර්ධන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ වෙනුවෙන් රුපියල් මිලියන 75ක වන්දියක් සහවන ලෙස මිට පෙර නියම කර තිබුණා.

එම වන්දි මුදල සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කරනු ලැබුවා.

එම චෝදනාවට අදාළව කරුණු දැක්වීම සඳහා අද (07) දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මීට පෙර නිකුත් කළ නොතීසියකට අනුව නිලන්ත ජයවර්ධන අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටියා.

එය අද පෙරවරුවේ විභාගයට ගැනීමෙන් පසු පස්වරු 1.30 දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල නියෝග කළේ, වන්දි මුදල් ගෙවූ බව තහවුරු කරන ලේඛන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දැනුම් දෙමින්.

අදාළ නීතිඥවරයා මෙහිදී අධිකරණයට දැනුම් දී ඇත්තේ පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාලව නියමවූ වන්දියෙන් හිඟ මුදල වන රුපියල් මිලියන 65 ක මුදල නිලන්ත ජයවර්ධනගේ පාසල් මිතුරන් සහ විශ්ව විද්‍යාල මිතුරන් විසින් පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ගේ අරමුදලට බැර කර සිටි බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...