spot_img
spot_img

රු 25,000ක පොහොර සහනාධාරය ගැන දැනුම්දීමක්

වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීමේ කිසිදු ගැටලුවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා පවසනවා.

අද(03) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණ සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් පැවැත්වූ අතර ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ එම්. පී. එන්. එම්. වික්‍රමසිංහ මහතා,

“අද උදේ ජනාධිපතිතුමා කෘෂිකර්ම අමාත්‍යාංශයට පැමිණියා. සියලුම නිලධාරීන් සමග ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් තිබ්බා. එහිදී ජනාධිපතිතුමා උපදෙස් දුන්නා ගොවීන්ට පොහොර මිලදී ගැනීමේදී QR කේත ක්‍රමයක් සකස් කරන්න කියලා. එතකොට අපිට තොරතුරු වාර්තා වෙනවා. ඒ වාර්තා වූ සැනින් අදාළ මුදල බැංකු ගත කිරීමේ ක්‍රමයකට ඉදිරියේදී යනවා.”

“රුපියල් 25,000ක පොහොර සහනාධාරය ලබාදීම සම්බන්ධයෙන් ගැටලුවත් ඇති වෙන්නේ නැහැ. රුපියල් 15,000ක් කලින් දීලා මැතිවරණයෙන් පසුව රු 10,000 ලබාදෙන විදියට සකස් කරන්නත් පුළුවන්. රු 25,000 වුණත් ලබාදීමේ ගැටලුවක් මං දකින්නේ නැහැ.”

“මැතිවරණ කොමිසම දැනුම්දීලා තියෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණය ගැසට් කළාට පසුව කිසියම් ආකාරයක වැඩිකිරීමක් සිදුකර තිබෙනවා නම් එවන් වැඩි කිරීම් මැතිවරණයෙන් පසුව දෙන්න කියලා. ඕන තරම් පොහොර තිබෙනවා.”

“මහ කන්නයේ වගා කරන හෙක්ටයාර් ලක්ෂ 8 සඳහා පොහොර ලබාදීමට රජයට රුපියල් බිලියන 20ක වියදමක් යනවා. ගොවියන්ගේ පුද්ගලික ගිණුමට සෘජුවම ඒ මුදල් බැර කිරීමේ ක්‍රමවේදයක් හදලා තියෙන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...