spot_img
spot_img

මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප තියයි

මහ මැතිවරණයට අදාළව දැනට ස්වාධීන කණ්ඩායම් 37ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කළේ, පසුගිය මස 25 වනදා සිට ඊයේ (01) දක්වා මෙම සංඛ්‍යාව වාර්තා වන බවයි.

මේ අතර, ලබන 26 වනදා පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන 14 වනදා සිදු කෙරෙනවා.

ඊට අදාළව විශේෂ සලකුණු කිරීමේ දිනයක් ලෙස ලබන 18 වනදා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊට අදාළ නිළ ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ විශේෂ දිනයක් ලෙස ලබන 17 වනදා වෙන් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...