spot_img
spot_img

බස් ගාස්තු ගැන චෝදනා

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් පවසනවා.

සමස්ත ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සමිති සම්මේලනයේ ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසන්නේ, ඩීසල් ලීටරයක් රුපියල් විසි හතකින් අඩු කළත් බස් ගාස්තු අඩු වී ඇත්තේ රුපියලකින් බවයි.

නව ගාස්තු සංශෝධනය අනුව රුපියල් 27, 56, 66, 77 ආදී ගාස්තු අය කරන බවත් එම වාසිය බස් හිමියාට හෝ මගී ජනතාවට නොලැබෙන බවත් ප්‍රියන්ජිත් මහතා පවසනවා.

මේ හේතුවෙන් කොන්දොස්තර මහතුන් සහ මගී ජනතාව අතර ගැටුම් ඇතිවිය හැකි බවත් ඒ මහතා සඳහන් කළා.

ඔහු පවසන්නේ, ඒ අනුව අවම ගාස්තුව රුපියල් 25ක් ලෙසත් අනෙකුත් ගාස්තු 55, 65, 75 ලෙස සංශෝධනය කරන ලෙස ඉල්ලා සිටින බවයි.

මේ පිළිබඳවත් අවධානය යොමු කරමින් මගී ජනතාවට මෙයට වඩා සහන සැලසිය හැකි බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...