Tuesday, May 5, 2026
spot_img
spot_img

සජින් වාස්ගේ නඩුවකට අධිකරණයෙන් නියෝගයක්

2015 වසරට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ තිබූ වාහන 797න් 309ක් භාර දී නොමැති බවට පවරා තිබූ නඩුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන ඇතුළු සැකකරුවන් තිදෙනෙකු නිදහස් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි නියෝග කර තිබෙනවා.

ඒ සැකකරුවන් නඩුවෙන් මුදා හරින ලෙස නීතිපතිවරයාගේ උපදෙස් ලැබී ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ ඉල්ලීමක් සලකා බලමින්.

2015 වසරේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිළධාරීයා කළ පැමිණිල්ලකට අනුව හිටපු මන්ත්‍රීවරයාට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතය භාරව කටයුතු කළ පුද්ගලයා ඇතුළු දෙදෙනෙකුට නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත් ඇප මත මුදා හැර ඇති පළමු සැකකරු නඩුව අතරවාරයේ මියගොස් තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව ජනාධිපති ලේකම් කාර්යාලේ වාහන සංචිතයේ තිබූ අධිආරක්ෂිත බෙන්ස් රථය ඇතුලු වාහන 20 ක් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි සජින් වාස් ගුණවර්ධන භාරයේ තිබූ බවට චෝදනා එල්ල වී තිබුණා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...