spot_img
spot_img

ඊලඟ ඡන්දෙටත් ගෑස් සිලින්ඩ‍රේ ඉල්ලන්න බලනවා – ආශූ

ඉදිරි මහ මැතිවරණයට තරඟ කරන්නේ කුමන ලකුණක් යටතේ ද යන්න අනිද්දාට පෙර ප්‍රකාශයට පත් කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ (01) එක්සත් ජාතික පක්ෂයේ පැවැත්වුණු විශේෂ රැස්වීමකදීයි.

එහිදී සමඟි ජනබලවේගය සමඟ සිදු කරන සාකච්ඡා සම්බන්ධයෙන් සහ පක්ෂ මහලේකම් ධූරය සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.

එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පල කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශූ මාරසිංහ කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් සාකච්ඡා ඉදිරියටත් පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයේදී තම පාර්ශවට ලබා දුන් ගෑස් සිලින්ඩරය ලකුණු මහමැතිවරණයට තරඟ කිරීමේදී මැතිවරණ කොමිෂන් සභාවෙන් ලබා ගත හැකිද විමසන අතර එය ලැබුණහොත් එම සලකුණින් ඉදිරියට යන්න කටයුතු කරන බව ඔහු කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ වන විට විදෙස් ගතව වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවට වාර්තා වන බව ද ආශූ මාරසිංහ මහතා මෙහිදී කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...