spot_img
spot_img

ශ්‍රීධරන් හා ජනපති අතර හමුවක්

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

මෙරට 09වන විධායක ජනාධිපතිවරයා ලෙස මහජන පරමාධිපත්‍යයෙන් තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වෙත සිය සුබපැතුම් පිරිනැමූ එස්. ශ්‍රීධරන් මහතා ජනාධිපතිවරයා සමග සුහද කතාබහක නිරතවී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසසන්නේ.

මේ අතර ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති එරට ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පුද්ගලික පණිවුඩයක් රැගෙන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan S. Dzhagaryan අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවී එම පණිවුඩය පිළිගන්වනු ලැබුවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වඩාත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් සිය පණිවුඩයේ සඳහන් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ්‍ය පවසන්නේ.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවේදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර දීර්ඝ කාලීන ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම පිළිබඳව විශේෂ අවධානය යොමුවූ බවයි.

දෙපාර්ශ්වයේම අන්‍යොන්‍ය වශයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගැනීම සඳහා වන කැපවීම නැවතත් තහවුරු කර තිබෙනවා.

වෙළෙඳාම, ආයෝජන, සංස්කෘතිය සහ අධ්‍යාපනය වැනි ප්‍රධාන ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීමේ වැදගත්කම පිළිබඳවද තවදුරටත් දෙපාර්ශ්වයම විසින් අවධාරණය කර තිබෙනවා.

මෙම හමුවේදී තානාපතිවරයා ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් ද පිරිනැමුවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...