spot_img
spot_img

උසස් පෙළ ලියූ සිසුන්ට දැනුම්දීමක්

උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සහ අත්හිටවූ ප්‍රතිඵල නිකුත් කිරීම මත විශ්වවිද්‍යාල ප්‍රවේශයට ඉල්ලුම්කිරීමට සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගෙන් ඒ සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නිවේදනය කරන්නේ, 2023/2024 අධ්‍යයන වර්ෂය සඳහා එම අයදුම්පත් කැඳවා ඇති බවයි.

අදාළ අයදුම්පත් අද (01) දින සිට ඔක්තෝබර් 08 වනදා දක්වා අන්තර්ජාලය ඔස්සේ යොමුකළ හැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

අයදුම්පත් යොමු කිරීම සම්බන්ධ වැඩිදුර විස්තර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවියෙහි (www.ugc.ac.lk) 2023/2024 අධ්‍යයන වර්ෂයේ විශ්වවිද්‍යාල ප්‍රවේශයට අදාළ අයදුම්පත් කැඳවීම හා සම්බන්ධව මින් පෙර පළකරන ලද පුවත්පත් නිවේදනයෙහි දක්වා ඇති බව සඳහන් වනවා.

පාඨමාලා සඳහා වන කැමැත්තේ අනුපිළිවෙළ වෙනස් කිරීම සඳහා 2023/2024 අධ්‍යයන වර්ෂයේ අයදුම්කරුවන් සඳහා මින් පෙර ලබා දුන් සති දෙකක කාලය මෙම අවස්ථාව සඳහා අදාළ නොවන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා සිටිනවා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...