spot_img
spot_img

ශිෂ්‍යත්ව විභාගය ගැන තීරණ‍යේ වෙනසක් නෑ

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යලි නොපැවැත්වීමට ගත් තීරණයේ වෙනසක් නැති බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසනවා.

එම විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනකට සම්පූර්ණ ලකුණු ප්‍රදානය කිරීමට ගත් තීරණයේ වෙනසක් නොමැති බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසන්නේ.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ සිද්ධිය හේතුවෙන් ගැටලුකාරී තත්වයක් උද්ගත වූ අතර ඒ පිළිබඳව විභාග දෙපාර්තමේන්තුව මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශන ආරම්භ කර තිබුණා.

එම විමර්ශනය අවසන් වන තෙක් ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා.

කෙසේවෙතත් 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් විමර්ශනයට විශේෂඥයින් 7 දෙනෙකුගෙන් සමන්විත ස්වාධීන විමර්ශන මණ්ඩලයක් පත් කර තිබුණා.

ඒ අනුව මතභේදයට තුඩු දී ඇති මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය යළි පවත්වන්නේද ? නැද්ද ? යන්න තීරණය කිරීම සඳහායි 07 දෙනෙකුගෙන් යුත් එම කමිටුව පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබුණේ.

එම විමර්ශන සලකා බලා විභාගය යළි පවත්වන්නේ ද ? නැද්ද ? යන්න අදාළ කමිටුව විසින් තීරණය කරනු ඇති බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...