spot_img
spot_img

පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්

ලෝහමය හැන්දක් රත් කර තම පස් හැවිරිදි දියණියගේ ශරීරයේ සිව්පොලක් පිළිස්සූ බව කියන මවක් මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහනුවර අතිරේක මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය විසින් ඇයව ඔක්තෝම්බර් මස 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.

දැරියගේ ශරීරයේ දක්නට ලැබෙන පිළිස්සුම් තුවාල අඟල් දෙකක පමණ විශාලත්වයකින් යුත් බවද ඊට අමතරව දැරියගේ ශරීරය පුරා තුවාල කැලැල් විශාල සංඛ්‍යාවක් තිබූ බවයි පොලීසිය පවසන්නේ.

දියණිය පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කිරීම නිසා එයට උරණ වූ මව දරුවාව පුළුස්සා තිබෙන බව පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබෙනවා.

පිළිස්සුම් තුවාල ලද දරුවා ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇය අධිකරණ වෛද්‍යවරයෙකු වෙත යොමුකර වාර්තාවක් ලබා ගැනීමට පොලීසිය පියවර ගෙන තිබුණා.

රත් කළ තෙල් ශරීරයට විසිවී තම දියණියගේ ශරීරයේ ස්ථාන කිහිපයක් පිළිස්සී තිබෙන බව සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දෙමින් දරුවාගේ පියා පොලීසියට පවසා තිබෙනවා.

දියණිය පිළිස්සු බිරිඳ වෙනුවෙන් සැමියා නිතීඥයින් දෙදෙනෙකු මඟින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ බව පොලීසිය පවසනවා.

සැකකාර කාන්තාව මහනුවර නාගස්තැන්න ප්‍රදේශයේ පදිංචිකාරිණියක්.

මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් මත කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...