spot_img
spot_img

හිටපු මන්ත්‍රීවරුන්ට දැනුම්දීමක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ ආරක්ෂක ගිනිඅවිය ආරක්ෂක අමාත්‍යංශයට වහාම බාරදෙන ලෙස දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය විසිනුයි හිටපු මන්ත්‍රීවරුන්ට මේ බව දැනුම් දී ඇත්තේ.

ඊට අදාළ ලිපි අදාළ මන්ත්‍රීවරුන් වෙත කඩිනමින් යොමුකිරීමට පියවර ගන්නා බවද වාර්තාවනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති සියලු පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග අහෝසි වුණා.

ඒ අනුව මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩලයට ලබාදෙන දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහිමි වනවා.

කෙසේවෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ ඔවුන්ට ලබාදී තිබූ නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දිනය තෙක් භාවිත කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

නමුත් මහමැතිවරණයෙන් යළි තේරීපත් නොවන මන්ත්‍රීවරුන් සියලුදෙනා ඡන්ද විමසීමට පසු දිනම එම නිල නිවාස යළි භාරදිය යුතුවනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...