Sunday, April 26, 2026
spot_img
spot_img

ඉන්ධන මිල අඩුවෙයි ද?

ඉන්ධන සඳහා පනවා ඇති බද්ද ඉවත් කරන බවට දුන් පොරොන්දුව ඉටු කරන ලෙස හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔහු සඳහන් කළේ, එමඟින් ඉන්ධන මිල සැලකිය යුතු ලෙස අඩුවනු ඇති බවයි.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාවේ නියෝගයක් මත අත්හිටුවා තිබූ පසුගිය රජය විසින් අනුමත කරන ලද සහන වැඩපිළිවෙළ ජනාධිපතිවරණයට අදාළව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම පිළිබඳව ද හිටපු අමාත්‍යවරයා රජයට ස්තූතිය පළ කර තිබෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය කංචන විජේසේකර :

“ඔවුන් මැතිවරණ රැස්වීම්වලදී කියා සිටියේ ඉන්ධන සඳහා වන බද්ද ඉවත් කරන බවයි.. දැනට පවතින නීතිමය ප්‍රතිපාදන අනුව ඉන්ධන මිල සංශෝධනය 30 වැනිදා රාත්‍රිය වන විට සිදුවිය යුතුය. ඔවුන් පොරොන්දු වූ පරිදි බදු ඉවත් කළ හැකි නම් ඩීසල් ලීටරයක් ​​රු. 100 දෙන්න පුළුවන් වෙයි.. ඒ වගේම ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් විසින් දැනටමත් සකස් කර තිබූ විදුලි මිල සංශෝධනයක් ඔක්තෝම්බර් මාසය සඳහා සැලසුම් කරලා තියෙනවා.. මෙය ප්‍රමාදයකින් තොරව මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය සඳහා යවන ලෙසද අපි රජයෙන් ඉල්ලා සිටිනවා.”

එමෙන්ම පසුගිය මැතිවරණ වේදිකාවේ කියූ පරිදි ඉන්ධන ලීටරයක් මත පනවා ඇති රුපියල් 150ක පමණ වන බදු ඉවත් කර ඩීසල් ලීටරයක් රුපියල් සීයට ලබාදිය හැකි බවට කල ප්‍රකාශයන් දැන් ක්‍රියාත්මක කළ හැකි බවද කංචන විජේසේකර මහතා පවසනවා.

සියලු බදු ඉවත් කළහොත් රුපියල් සීයකට ඩීසල් ලීටරයක් ලබා දිය හැකි බව තමන්ද පිළිගන්නා බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...