Saturday, April 25, 2026
spot_img
spot_img

රනිල්ට පුළුවන් කියපු අය සජිත් ළඟට

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක මහතා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමේ අරමුණින් අද (26) සමගි ජන බලවේගය හා එක් වුණා.

එහි දී ඔවුන් මාධ්‍ය වෙත කියා සිටියේ දකුණේ දේශපාලන මතය ජයග්‍රහණය කරවීමට සැවොම එක් විය යුතු බවයි.

ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ සංවිධායක වරුණ රාජපක්ෂ මහතා පවසන්නේ, රට මේ වන විට තිරණාත්මක සංධිස්ථානයකට පැමිණ ඇති බවත් ජනාධිපතිවරණයේ පරාජයත් සමග එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලනයට පැමිණෙන්නේ නැති බවයි.

මෙවර මැතිවරණ ප්‍රතිඵලය අනුව ජයගත්තේ අනුර කුමාර දිසානායක මහතා වුවත් ප්‍රතිශතය අනුව ජය ගත්තේ දකුණු ඉවුරේ පක්ෂ බවත් මේ දකුණ ඉවුරේ පක්ෂ කොටස් දෙකකට වෙන් වීම නිසා පරාජය වුන බවත් ඒ මහතා සඳහන් කළා.

එබැවින් මෙම දේශපාලන කදවුරු දෙක දේශපාලන ගැටුම් අමතක කරමින් පෞද්ගලික අභිමතාර්ථ නොසලකා එකට එකතු විය යුතු බව ඔහු පවසනවා.

පුද්ගලයන්ට වඩා දේශපාලන මතවාදය වැඩපිළිවෙළ වැදගත් බැවින් සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය එකට එකතු වී ජයග්‍රහණය වෙනුවෙන් කැපවිය යුතු බව වරුණ රාජපක්ෂ මහතා එහිදී කියා සිටියා.

එමෙන්ම මෙහි දී අදහස් දක්වමින් යටිනුවර ප්‍රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා කියා සිටියේ දකුණු ඉවුරේ දේශපාලනය පසුබෑමකට ලක්ව ඇති නමුත් මෙය රටට අවශ්‍ය බැවින් රට ගැන පරිත්‍යාගශීලී විය යුතු සහ රට වෙනුවෙන් කැපවිය යුතු බවයි.

කණ්ඩායම්වලට බෙදුනහොත් රට විනාශ වන බවත් වමේ දේශපාලනයෙන් රටවල් ගොඩ ආ නොමැති බැවින් දකුණේ දේශපාලනය දිනවිය යුතු බවයි මහේෂ් සේනානායක මහතා පවසන්නේ.

එම මතයේ තමා සිටින බවට පවසමින් ඔහු කියා සිටියේ,ජනතාව නොමග නොයවා එක් ප්‍රතිපත්තියක්, මතයක් වෙනුවෙන් පෙනී සිටිය යුතු බවත් අභියෝග රැසක් රටට ඇති නිසා මෙම අභියෝග ජය ගැනීමට දකුණේ කදවුර ශක්තිමත් කළ යුතු බවයි.

ඒ සදහා සියලු දෙනා එකට එකතු විය යුතු බව මහේෂ් සේනානායක මහතා එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...