spot_img
spot_img

නවකවදය වැළැක්වීමට මාර්ගෝපදේශ මාලාවක්

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා 2020 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නවකවද සිද්ධියකින් පීඩාවට පත් සිසුවකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවකවද සිද්ධීන් වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවයි.

එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාල වෙත යොමුකර සංශෝධන යෝජනා වේ නම් ඒවාද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන ලෙස එහිදී අගවිනිසුරුවරයා සඳහන් කළා.

එසේ සකස් කර අවසන් කෙටුම්පත අධිකරණය හමුවේ ගොනුකිරීමට පියවර ගන්නා ලෙසත් අගවිනිසුරුවරයා නියෝග කර තිබෙනවා.

පෙත්සම්කරු පවසන්නේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ නවකවද සිද්ධියකදී බැකෝ ටයරයක් පෙරළීම නිසා තම හිසට සහ මොළයට බරපතළ තුවාල සිදු වූ අතර මේ හේතුවෙන් මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමට සිදුවූ බවයි.

එහෙත් මේ දක්වා තමාට පූර්ණ සුවයක් ලැබී නොමැති බව ද පෙත්සම්කරු පෙන්වා දී තිබෙනවා.

මෙම ක්‍රියාව තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් විශ්වවිද්‍යාල තුළ සිදුවන නවකවද සිද්ධීන් පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...