Friday, April 24, 2026
spot_img
spot_img

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම ගැන කොමිසමෙන් නිවේදනයක්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම සැප්තැම්බර් මස 30 වනදා සිට ඔක්තෝබර් මස 07 වනදා දක්වා සිදුකරන බව මැතිවරණ කොමසාරිස්, ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසනවා.

මෙම මැතිවරණයේ දී ද 2024 ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් ජනාධිපතිවරණට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කළ සියලුදෙනාට නැවතත් මෙම මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමට අනවශ්‍ය බවද ඒ මහතා පෙන්වාදෙනවා.

කොළඹ අද (26) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ඔහු මේ බව පැහැදිලි කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමන් ශ්‍රී රත්නායක මහතා :

“මේ මැතිවරණයේදී පහුගිය ඡන්දහිමි නාමලේඛන භාවිතා කරන බැවින් පහුගිය ඡන්දහිමි නාමලේඛනයට අදාළව තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කරපු සියලුම අය සඳහා නැවත තැපැල් ඡන්ද අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවයක් ඇති වන්නේ නැහැ. ඒ ඔබට අදාළ සියලුම දත්ත සියල්ල අප සතුව තිබෙනවා.

එහෙත් පසුගිය ජනාධිපතිවරණය සඳහා ඔබ ඉදිරිපත් කරපු තැපැල් ඡන්ද අයදුම්පත මොනයම් හෝ කාරණාවක් නිසා ප්‍රතික්ෂේප වී තිබුණා නම් ඒ ප්‍රතික්ෂේප වීමට අදාළ කාරණාව නිවැරදි කරලා නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට සිදුවෙනවා. ඒ කියන්නේ ගියවර තැපැල් ඡන්ද අයදුම් පත්‍ර ප්‍රතික්ෂේප වෙච්ච අයදුම්කරුවන් නැවත අයදුම් කරන්න සිදුවෙනවා.

ඒ වගේම පසුගිය ජනාධිපතිවරණයේදී ඔබ යම් ලෙසකින් තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් නොකරම සිටියා නම් ඒත් ඔබ මැතිවරණ රාජකාරී සඳහා යොදවා ගැනීමට අපේක්ෂිත සේවා කාණ්ඩයක සිටිනවා නම් ඔවුනටත් නැවත තැපැල් ඡන්ද අයදුම් පතක් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලැබෙනවා.

විශේෂයෙන් අපි ඉල්ලා සිටිනවා සහතික කිරීමේ නිලධාරීවරුන්ගෙන් මේ සම්බන්ධයෙන් අපි ඔවුන්ට ලිඛිතව දැනුම් දීමක් කරනවා ඊට අදාළව සහතික කරන නිලධාරියා විසින් සහතික කරන ලද ඡන්දදායකයින්ගේ ස්ථාන මාරුවීම් විශ්‍රාමයාම හෝ වෙනත් මිය යාමේ කාරණා තුළ ඉවත් වෙච්ච සහ අලුතින් පැමිණිච්ච අයට අදාළ තොරතුරු අපට ලබාගැනීම සඳහා අදාළ දිස්ත්‍රික්කවල අපේ සහකාර තේරීම් භාර නිලධාරීන් විසින් කටයුතු කරනු ලබයි.

පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු ආරම්භ වීමත් සමඟම පසුගිය ජනාධිපතිවරණයේ දී අනුගමනය කරපු නීතිරිති රාමුව තුළ ඒ ආකාරයෙන්ම වලංගු වේ.

2024 ඡන්දහිමි නාමලේඛන අදාළ ඡන්ද දායකයින් 1,714,354 ක් නොවැම්බර් මස 14 දින ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබයි.

මෙවර අපොස උසස් පෙළ සඳහා පෙනී සිටින ආදරණීය දුවා දරුවන්ගේ ඒ අවශ්‍යතාවය පිළිබඳව සලකා බලමින් අපිට මැතිවරණ කොමිෂන් සභාව විදිහට අපට ලැබී තිබෙන්නේ අවම කාලයක් තුළ මේ මැතිවරණය පැවැත්වීමට අපට සිදු වී තිබෙනවා.”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...