spot_img
spot_img

Breaking : ආගමන විගමන පාලකවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ආගමන විගමන පාලක එච්. ඉලුක්පිටිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

විද්‍යුත් විසා නිකුත් කිරීමේ ක්‍රියාවලිය පුද්ගලික සමාගම් දෙකකට පැවරීමට ගෙන තිබූ තීරණයට එරෙහිව නිකුත් කළ අතුරු තහනම් නියෝග ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාසයක් සිදු කළේ යැයි ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබුණා.

අදාළ අඩුව අද (25) කැඳවු අවස්ථාවේ ආගමන විගමන පාලකවරයාට එරෙහිව චෝදනා පත්‍ර කියවා දීමෙන් අනතුරුව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුල යන මහත්වරුන් මෙම නියෝගය අද සිදු කළා.

අධිකරණය වීසින් පැවති විද්‍යුත් වීසා ක්‍රමය බල රහිත කරමින් පැරණි වීසා බලපත්‍රය නිකුත් කිරීමේ ක්‍රමය යටතේ වීසා නිකුත් කරන ලෙසට ආගමන විගමන ජනරාල්වරයාට අතුරු තහනම් නියෝග නිකුත් කර තිබුණා.

මාසයකට අධික කාලයක් ගත වී තිබුණද මේ දක්වා අධිකරණ නියෝග අනුව කටයුතු කිරීම ආගමන විගමන පාලකවරයා චේතාන්විතව හිතා මතා පැහැර ඇති බැවින් ඔහුට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා ලෙස පසුගිය සැප්තැම්බර් මස 13 වැනිදා මෝසම් පත්‍ර ගොනු කරමින් පෙත්සම්කාර පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම් සහ එම් ඒ සුමන්තිරන් යන මහත්වරුන් අධිකරණයට දන්වා සිටියා.

එදින කරුණු සලකා බැලූ විනිසුරුවරුන් පෙත්සම්කරු පාර්ශවයට නියෝග කළේ අධිකරණය ලබා දුන් නියෝග අනුව කටයුතු කිරීම, ආගමන විගමන ජනරාල්වරයා හිතා මතා නොසලකා හැර ඇති බව බැලූ බැල්මට අධිකරණයට පෙනී යන බැවින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා පත්‍ර ගොනු කරන ලෙසයි.

ඒ අනුව අද දින පෙත්සම් යළි කැඳවූ අවස්ථාවේ පෙත්සම්කාර පාර්ශවය විසින් ආගමන විගමන පාලක ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ චෝදනා පත්‍ර ගොනු කළ අතර ඒ අවස්ථාවේදී චෝදනා පත්‍රය ඔහුට විවෘත අධිකරණය හමුවේ කියවා දීම සිදු කළා.

පසුව රටේ ඉහළම අධිකරණය ලබා දුන් නියෝගය නොසලකා හැරීම ඉතාම බරපතල තත්වයක් බවත් නීතිය ආධිපත්‍ය රැක ගැනීම විනිසුරුවරුන්ගේ වගකීමක් වන බවත් අවධාරණය කල විනිසුරු මඩුල්ල ඔහුව අත්අඩංගුවට ගැනීමට බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළා.

ඒ අනුව පෙත්සම් විභාගය අවසන්වන තුරු ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව විනිසුරු මඩුල්ල නියෝග ලබා දෙමින් ප්‍රකාශ කළා.

අදාළ පෙත්සම යළි ජනවාරි මස 22 වනදා කැඳවීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...