spot_img
spot_img

ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපති ධූරය සෙනේෂ්ට

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස සෙනේෂ් බණ්ඩාර මහතා පත් කර තිබෙනවා.

අද (25) පෙරවරුවේ නව සභාවපතිවරයා ගරු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා අතින් පත්වීම ලබා ගත්තා.

ආචාර්ය සෙනේෂ් දිසානායක බණ්ඩාර යනු ශ්‍රී ලාංකික චිත්‍රපට සහ ටෙලිවිෂන් වැඩසටහන් අධ්‍යක්ෂකවරයෙක්, තිරරචකයෙක් සහ මාධ්‍යවේදියෙක් මෙන්ම කතුවරයෙක්ද වනවා.

ඔහු බණ්ඩාර කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ නිව්යෝර්ක් ෆිල්ම් ඇකඩමිහී විද්‍යාර්ථියෙක්.

ජනසන්නිවේදනය විෂයය වෙනුවෙන් ඔහු ශාස්ත්‍රවේදී උපාධිය, ශාස්ත්‍රපති උපාධිය සහ දර්ශනසූරී උපාධිය ලබා ඇති අතර ලේඛකත්ව සහ සන්නිවේදනය ඩිප්ලෝමාධාරියෙක්ද වනවා.

සෙනේෂ් දිසානායක බණ්ඩාර ජාතික රූපවාහිනි සංස්ථාවේ, කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රසංග කලා අධ්‍යයනාංශයේ සහ වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ සේවය කොට ඇති අතර වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සන්නිවේදනය සහ මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ධුරයේ සේවය කරනු ලබනවා.

ආදරණීය වස්සානය, Heart FM ය​න චිත්‍රප​ට ඔහුගේ නිර්මාණයන් අත​ර වනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...