Thursday, April 23, 2026
spot_img
spot_img

ස්වාධීන රූපවාහිනි සභාපති ධූරය ප්‍රියන්ත කුමාර වෙදමුල්ලට

ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ නව සභාපතිවරයා ලෙස ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා පත්කර තිබෙනවා.

අන්තර්ජාතික සබඳතා පිළිබඳ විශේෂවේදී ගෞරව උපාධිය ලබා ගන්නා ඔහු අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා ගෙන තිබෙනවා.

ඒ් ආර්ථික විද්‍යාව හා කළමණාකරණය විෂය ක්ෂේත්‍රයෙන්.

අනතුරුව ඩිජිටල් අලෙවිකරණය පිළිබඳව පශ්චාත් උපාධි ඩිප්ලෝමා තුනක් හිමිකර ගන්නා ඔහු මේ වන විට පේරාදණීය විශ්ව විද්‍යාලයේ කළමණාකරණය පිළිබඳව ආචාර්ය උපාධී අපේක්ෂකයෙක්ද වනවා.

එමෙන්ම කොළඹ විශ්ව විද්‍යාලයේ හා පුද්ගලික විශ්ව විද්‍යාල කිහිපයක සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය, ඩිජිටල් අලෙවිකරණය සන්නිවේදනය, අන්තර්ජාතික අලෙවි කළමනාකරණය හා උපක්‍රමික කළමනාකරණය යන විෂයන් වල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරනවා.

මීට අමතරව ඔහු අලෙවිකරණය, උපායමාර්ගික කළමනාකරණය සහ ඩිජිටල් අලෙවිකරණය පිළිබඳ පර්යේෂණ ගණනාවක් සිදු කළ වියතෙක්.

එමෙන්ම 1996 වසරේ විශ්ව විද්‍යාල සමයේදීම සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන ඔහු එවකට පළ වූ සිතිජය, රාවය, ලක්ජන වැනි පුවත්පත් හා සඟරාවල ල විශේෂාංග ලේඛකයෙකු සහා ජනමාධ්‍ය වේදියෙකු ලෙස සම්බන්ධ වනවා.

2002 වසරේදී එවකට ප්‍රකට වු දෙසතිය සඟරාවේ සහා ලංකා පුවත් පතේ විශේශාංග කතෘ ලෙස ලෙස සම්බන්ධ වන ඔහු එහිම විශේෂාංග ලේඛකයෙකු ලෙසත් කටයුතු කරනවා.

පසුව ඔහු 2004 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව හා වැඩසටහන් නිෂ්පාදකවරයකු ලෙස සම්බන්ධ වෙන අතර 2007 වසරේ දී ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරයෙකු සහ අධ්‍යක්ෂවරයකු ලෙස පත්වීම් ලබනවා.

අනතුරුව පුරා වසර ගණනාවක් ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විවිධ වැඩසටහන් සඳහා දායකත්වය සපයන ඔහු අදාළ කාලය තුළ ප්‍රචලිත වැඩසටහන් රැසක් නිෂ්පාදනය සහ අධ්‍යක්ෂණය කරනු ලබනවා.

ඒ් අතුරින් ඒවකට පුචලිත වු අකුණ , විසංවාදය, ඇත්ත නැත්ත, ජූරිය ඔබයි, වැනි කාලීන වැඩසටහන් රැසක් ඔහු විසින් නිෂ්පාදනය කරනු ලබනවා.

පරිස්සමින් ගිහින් එන්න ඔහු විසින් නිර්මාණ අධ්‍යක්ෂණය කළ අපේ රටේ අස්සක් මුල්ලක් නෑර ප්‍රකට වු වැඩසටහනක්.

එමෙන්ම ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ වැඩසටහන් නිෂ්පාදකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස වසර ගණනාවක් ඔහු තමන්ගේ දායකත්වය ආයතනයේ උන්නතිය උදෙසා ලබා දෙනවා.

එමෙන්ම අලෙවිකරණය සහ ඩිජිටල් අලවිකරණය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදුකර ඇති ප්‍රාමාණික විද්වතෙකු ලෙසත් ඔහු සැලකිල්ලට බඳුන් වෙනවා.

ඊට අමතරව ප්‍රියන්ත කුමාර වෙදමුල්ල මහතා ග්‍රන්ථ කතුවරයෙකු ලෙසත්, ජනමාධ්‍ය විෂය සම්බන්ධයෙන් ප්‍රාමාණික දේශකයෙකු ලෙසත් සමාජය තුළ සැලකිල්ලට ලක්වූ පුද්ගලයෙක්.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...