Tuesday, April 21, 2026
spot_img
spot_img

සජබ අගමැති අපේක්ෂකයා මෙන්න

එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයෙන් අග්‍රාමාත්‍ය ධුරය සඳහා තමන් තරග වදින බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

සමගි ජන බලවේග පක්ෂ කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා.

විපක්ෂ නායක ධුරය දරන සජිත් ප්‍රේමදාස එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී අග්‍රාමාත්‍ය ධුර අපේක්ෂකයා බවට පත් කිරීම සඳහා වන යෝජනාවක් අද පැවැති එම පක්ෂයේ විශේෂ සාකච්ඡාවක දී ඒකමතිකව සම්මත වී තිබුණා.

මේ අතර එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සමග කිසිදු සංධානගත වීමක් සිදු නොවන බව ඔහු ප්‍රකාශ කළා.

එමෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වී තරග කළේ නම් සජිත් ප්‍රේමදාස මහතාට මෙවර මැතිවරණය ජයග්‍රහණය කළ හැකිව තිබූ බවට පැවසෙන ප්‍රකාශ සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිචාර දැක්වුවා.

එහිදී සජිත් ප්‍රේමදාස මහතා දැක්වූ අදහස් :

“අංක ගණිතය පමණක් බැලුවොත් එවන් විග්‍රහයකට යන්න පුළුවන්. නමුත් ගැඹුරු දේශපාලන විශ්ලේෂණයකට ගියොත් පැහැදිලියි.. ඒක සත්‍යයක් යථාර්තයක් නෙමෙයි කියලා.”අපි සමගි ජන සන්ධානය ලෙස ඉදිරියට යනවා. ඒ සමග ජනතාව පිළිගන්න පුද්ගලයන්ට අත්වැල් බැඳගැනීමට පුළුවන්.”

අද සමගි ජන බලවේගයේ සියලුම ආසන සංවිධායකවරුන්, සියලුම මන්ත්‍රීවරුන් ඒකමතිකව මට යෝජනා කළා අග්‍රාමාත්‍ය අපේක්ෂක ලෙස මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන්න.මගේ නායකත්වයෙන්”

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...