spot_img
spot_img

ශ්‍රී ලංකා ටිම් එකට තෙවනි විනිසුරු දුන් තීරණය?

ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති දෙවන 20යි 20 ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (06) සමත්වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවි ලකුණු 165ක් ලබාගත් අතර
එම ඉනිම වෙනුවෙන් කමින්දු මෙන්ඩිස් ලකුණු 37ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 36ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවක් තුළ කඩුලු දෙකක් පමණක් දැවි ලකුණු 170ක් ලබාගනිමින් සිය ජයග්‍රහණය වාර්තා කලා.

මෙම තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුව යොමු කරන අවස්ථාවේ බිනුර විසින් යොමු පළමුව පන්දුවේ දී සර්කාර්ගේ දැවීයාම සම්බන්ධයෙන් ප්‍රධාන විනිසුරුවරයා ලබාදුන් තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත්කිරීම ආන්දෝලනාත්මක තීරණයක් වුණා.

මෙහිදී බිනුර යොමුකළ පන්දුව සෞම්‍ය සර්කාර්ගේ පිත්තේ ගෑවී කඩුලු රකින කුසල් මෙන්ඩිස් රැකගනු ලැබු අතර පිටියේ විනිසුරුවරයා එහිදී සෞම්‍ය සර්කාර් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම්කළ නමුත් සෞම්‍ය සර්කාර් එය තුන්වන විනිසුරු වෙත යොමුකරන ලෙසට ඉල්ලා සිටියා.

එහිදී Ultra edge තාක්ෂණය පරීක්ෂා කිරීමේදී එය පිත්තේ ගෑවී යන බවට පෙණුම් කළද තෙවැනි විනිසුරු විසින් තීරණය කළේ එය පෙන්නුම් කරන අවස්ථාවේ පන්දුව සහ පිත්ත අතර පරතරයක් පවතින බැවින් ඔහු නොදැවුණු ක්‍රීඩකයෙක් ලෙස නම් කිරීමටයි.

එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිටියේ විනිසුරු වෙත කරුණු දැක්විමක්ද සිදු කර තිබුණා.

කෙසේවෙතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ සහය පුහුණුකරු නවීඩ් නවාස් මහතා සඳහන් කළේ,දී ප්‍රධාන විනිසුරුවරයා ලබාදුන් දැවීයාමේ තීන්දුව තෙවන විනිසුරුවරයා නොදැවී යාමක් ලෙස ප්‍රකාශයට පත්කිරීම සම්බන්ධයෙන් තරග තීරකවරයා හරහා පැමිණිල්ලක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

මැදපෙරදිග අපනයන යථා තත්ත්වයට පත්වීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල 2.5%කින් පහළට

මැදපෙරදිග කලාපයෙන් සිදු කෙරෙන බොර තෙල් අපනයන ක්‍රියාවලිය ක්‍රමයෙන්...

රනිල්ගේ ආරක්ෂක නිලධාරියාට එල්ල වූ ප්‍රහාරය ගැන UNPයෙන් නිවේදනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂකයකුට පෞද්ගලික මාධ්‍ය ආයතනයක...

ඇප ලැබුණත් නාමල් යළි වැලිකඩ ගිය සිද්ධියේ සම්පූර්ණ කතාව

ප්‍රශ්නගත එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ කොටුව...

මාර්ගගත ක්‍රමයට ක්ෂණික ණය ලබාගන්නා අයට පොලීසියෙන් දැනුම් දීමක්

මාර්ග ගත ක්‍රමය ඔස්සේ යම් පුද්ගලයෙකුට ක්ෂණින ණය මුදලක්...