Friday, June 5, 2026
spot_img
spot_img

රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට ප්‍රහාරයක්

රතු මුහුදේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයකින් කාර්ය මණ්ඩල සාමාජිකයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් තවත් 4 දෙනෙකු බරපතළ පිළිස්සුම් තුවාල ලබා ඇති බව අමෙරිකානු ආරක්ෂක අංශ නිවේදනය කළා.

යේමනයේ ඒඩන් වරායට නාවික සැතපුම් 50 ක් ඔබ්බෙන් වූ මුහුදේදී බාබඩෝස් ධජය සහිතව යාත්‍රා කළ නෞකාවට ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ප්‍රහාරය එල්ල වනවිට එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 20 දෙනෙකු සහ පෞද්ගලික ආරක්ෂක සමාගම් විසින් යොමු කළ ආරක්ෂක සාමාජිකයින් තුන්දෙනෙකු සිට තිබෙනවා

ඒ අතරින් දෙදෙනෙක් ශ්‍රී ලාංකිකයින් වන අතර නේපාල ජාතිකයෙකු ද ඒ අතරට ඇතුළත් බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

වියට්නාම ජාතිකයින් 4ක්, පිලිපීන ජාතිකයින් 15ක් සහ ඉන්දියානුවෙකු කාර්ය මණ්ඩල සාමාජිකයින් අතර සිටින බවත් අමෙරිකානු ආරක්ෂක අංශ සඳහන් කළා.

නෞකාවේ සිටි සෙසු සාමාජිකයින් පිළිබඳ මෙතෙක් නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බව ද විදෙස් මාධ්‍ය පවසනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...